UPay සහ FriMi ඇප් දෙකම එකතු කරලා වාසි ගන්න පුළුවන් ක්‍රමයක්

by | Aug 3, 2021 | FriMi Promotions, UPay Pramotions | 0 comments

UPay සහ FriMi ඇප් දෙකම එකතු කරලා වාසි ගන්න පුළුවන් ක්‍රමයක්

???? UPay ඉන්ස්ටෝල් කරගන්න. ඔබේ ඕනෑම බැංකු ගිණුමක් හෝ Credit / Debit කාඩ් පතක් හෝ කිහිපයක් ඇප් එකට Link කරගන්න.

නමුත් ඔබ SDB හැර වෙනත් බැංකු ගිණුමකින් හෝ කාඩ් එකකින් මුදල් ඇප් එකට හුවමාරු කරන විට (UPoints වලට) රු.20ක් අයවේ. ඔබ ඔබගේ බැංකු ගිණුම් හෝ කාඩ්පත් 10ක මුදල් ඇප් එකට හුවමාරු කරනවායැයි සිතන්න. ඔබට එවිට රු.200ක් වැයවෙනවා.

බැංකු ගිණුම් 5ක සහ කාඩ්පත් 5ක ඇති මුදල් රු.1000 බැගින් ඇප් එකට Topup කරගත්තායැයි සිතන්න. ඔබට අයවෙන සේවා ගාස්තුව රු.200කි.

අපි ඒ සඳහා ඔබට පිළියමක් ලබාදෙන්නම්.

???? FriMi ඉන්ස්ටෝල් කරගන්න. ඔබේ ඕනෑම බැංකු ගිණුමක් හෝ Credit / Debit කාඩ් පතක් හෝ කිහිපයක් ඇප් එකට Link කරගන්න. සියල්ලම ලින්ක් කරගන්න උත්සාහ කරන්න.

ඔබගේ බැංකු ගිණුම් වල හෝ කාඩ් වල තිබෙන මුදල් ඕනෑම ප්‍රමාණයක් ඇප් එකට Topup කරගන්න. ඔබට කිසිදු අමතර මුදලක් අය නොවේ.

බැංකු ගිණුම් 5ක සහ කාඩ්පත් 5ක ඇති මුදල් රු.1000 බැගින් ඇප් එකට Topup කරගත්තායැයි සිතන්න. ඔබට අයවෙන සේවා ගාස්තුව රු.0කි.

දැන් කියලා දෙන්නම් උපක්‍රමය.

1️⃣ Frimi Fund Transfer හරහා ඔබගේ UPay ඇප් එකට Link කල SDB ගිණුමට රු.10,000 හුවමාරු කරන්න. ඔබට වැයවන මුදල රු.30. Frimi වල වෙනත් බැංකු වලට මුදල් හුවමාරුවට රු.30ක් අයවේ.

2️⃣ Frimi Fund Transfer හරහා ඔබගේ UPay ඇප් එකට Link කල Nations Trust (NTB) බැංකු ගිණුමට රු.10,000 හුවමාරු කරන්න. ඔබට වැයවන මුදල රු.0. Frimi වල Nations Trust වලට මුදල් හුවමාරුවට මුදල් අය නොවේ. නමුත් UPay App එකට ලින්ක් කල NTB ගිණුමෙන් ඔබේ Upoints වලට මුදල් හුවමාරුවට රු.20ක් වැයවේ.

3️⃣ UPay එකට FriMi Virtual Card එක ලින්ක් කරන්න. එවිට FriMi ඇප් එකේ තිබෙන රු.10,000 ලබාගැනීමට වැය වන්නේ ඔබට රු.20කි.

4️⃣ Frimi Fund Transfer හරහා ඔබගේ UPay ඇප් එකට Link කල SDB නොවන වෙනත් ගිණුමට රු.10,000 හුවමාරු කරන්න. ඔබට වැයවන මුදල රු.30. Frimi වල වෙනත් බැංකු වලට මුදල් හුවමාරුවට රු.30ක් අයවේ. ඉන්පසු Upay Fund Transfer හරහා එම වෙනත් බැංකුවේ මුදල Upoints වලට හුවමාරු කරගන්න. එවිට වැයවන ගාස්තුව රු.20කි. සම්පූර්ණ සේවා ගාස්තුව රු.50කි.

ක්‍රම 4න් කොයි එක කලත් ඔබට වාසියි…

රු.200ක් වැයවෙනවාට වඩා රු.50, 30 හෝ 20 වැයවීම වාසියකි. දිනපතා මුදල් හුවමාරු කරන කෙනෙක්ට මෙය බෙහෙවින් වැදගත්…

මොළේ කල්පනා කරලා වැඩ කරන්න…

Ranga Thushara ඔබ ගිණුම් 10ක් පමණ භාවිතා කරන නිසා මෙය බෙහෙවින් වැදගත්… උත්සාහ කරලා කමෙන්ට් කරන්න හැමෝම….

CharityShop Team

#2021අගෝස්තු3

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments